BREAKING NEWS
Search

රාජිතගේ දේපළ තහනම්?

5260

සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන ගණනාවක් පරීක්ෂා කළත් අත්ඩංගුවට ගැනීමට නොහැකි විය.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක්ද පසුගියදානිකුත් කෙරිණ.

මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළද රාජසන්තක කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අධිකරණයට බාර විය.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!