BREAKING NEWS
Search

රුපියල් තුන්සීයක මාසික කුලියට කැබ් එකක් මාලිමා සභාපතිට සම්මත කරගනී..!

1258

පසුගිය ජූලි 02 වැනිදා හික්කඩුව නගර සභාවේදී ජාතික ජන බලවේගය විසින් සභාපතිවරයාගේ භාවිතය සඳහා කැබ් රථයක් ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට අනුවල සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමටත් 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියකට අනුවල අදාළ කැබ් රථය පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන්නේ නම් මසකට රුපියල් 300ක මුදලක් පළාත් පාලන අරමුදලට ගෙවිය යුතු බවටත් දක්නා ඇත.

මෙම යෝජනාව උපුටමින් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසන්නේ මෙවැනි තත්ත්වයක් බලපිටිය ප්‍රාදේශීය සභාවේද සිදුව ඇති නම් එය මුද්‍රණ දෝෂයක් නොවේ නම් අතිශය ලැජ්ජා සහගත තත්ත්වයක් බවය.

2014 මහින්ද කාලේ චක්රලේකම ඉදිරියටත්ද? මේ හික්කඩුව නගර සභාවේ ජාජබ සභිපතිවරයා රජයේ ඩබල් කැබ් එක මාසෙකට රු.300ක් ගෙවලා තමන්ගේ පුද්ගලික පාවිච්චියට අරගන්න කල යෝජනාව. මේකම බලපිටියෙත් සම්මත කරගෙන. මේව ප්රින්ටිං ම්ස්ටේක්ස්ද? එහෙම නොවෙයි නම් විලිලැජ්ජයි! කුජීතයි!
[මට සියලු ලේඛන ඒවා ඇති අය වෙනුවෙන් මම මේක ප්රසිද්ධ කරන්නෙ. හැම ලේඛණයක්ම මට එවා ඇත. ඒ අයට තාම ශක්තියක් නැහැ කතාකරන්න. මම ඒ අය වෙනුවෙන් පෙනීසිටිමි. ඒත් මගේ අපේක්ෂාව තමන් තමන් වෙනුවෙන් කතාකරන පුරවැසියන් ඉන්න රටක් ලංකාවේ දැකීමය!] – – Uvindu Kurukulasuriya FB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!