පසුගිය යහපාලන රජය සමයේ එක්තරා අමාත්‍යාංශයක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී එය නොවටිනා තක්සේරුවකට කුලියට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්ද කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
එහිදී හෙළිදරව්වු කරුණු අනුව මෙම කුලියට ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද යහපාලන රජයේ ප්‍රබලම චරිතයක් පිළිබඳව සහ එවකට අදාළ විෂය භාරව සිටි අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද පරීක්ෂණ දියත් කොට තිබේ.
ඒ අනුව මෙම තැනැත්තන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවද නිලනොවන ආරංචි මාර්ග තහවුරු කරයි.







