ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5.5ක ණය මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බැවින් 2028 වන විට රට නැවත බංකොලොත් වීමට ඉඩ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අම්පාරේදී ප්‍රකාශ කළේය.
ඔහු මෙම ප්‍රකාශය කළේ සමගි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අමතමිනි.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර විස්තීරණ අරමුදල් පහසුකම් ගිවිසුමට සංශෝධන ගෙන ඒමට තමන් යෝජනා කළ නමුත් රජය ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන බවක් පෙනෙන බවයි.