BREAKING NEWS
Search

වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්..බද්ද අඩු කරන්න – ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

280

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අනෙන්නන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම ඇමෙරිකාවෙන් ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන මිලදී ගැනීමට ශ්‍රී ලංකා පාර්ශ්වය ඇමෙරිකාවට කැමැත්ත පළ කර ඇත.

ඇමෙරිකා වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡා වල දී ශ්‍රී ලංකාව සිය යෝජනා ඉදිරිපත් කරන අතරතුර වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමෙරිකාවේ යෝජනා ද ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹීමේ බලාපොරොත්තුවෙන් වොෂිංටනයට ගොස් සිටින ශ්‍රී ලාංකික දූතපිරිස ඉදිරි සති කීපය එහි රැඳී සිටිනු ඇතැයි ද ආරංචි මාර්ග පැවැසුවේය.

අවශ්‍ය වුවහොත් දූත පිරිස වොෂිංටනයේ රැඳී සිටින කාලය තවත් දීර්ඝ කර ගනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එම තොරතුරු තහවුරු කරමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන ඇතුළු භාණ්ඩ වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සාකච්ඡා වලදී කැමැත්ත පළ කර ඇති බවයි.

දෙරට අතර මතුව ඇති මෙම වෙළෙඳ ගැටලුව නිරාකරණය කර ගත හැක්කේ කෙසේදැයි විමසා බැලීම සඳහා ඇමෙරිකා පාර්ශ්වයෙන් යෝජනා ඉල්ලා තිබෙන බව ද එම නිලධාරියා පැවැසුවේය.

ඇමෙරිකාවට වාසි වන පරිදි වෙළෙඳ අතිරික්තය අඩු කර ගැනීමටත්, ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු අඩු කිරීමටත් ශ්‍රී ලංකාව සුදානම් බව ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වොෂිංටනයේ සිටින නියෝජිත පිරිස දන්වා තිබෙන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මත පනවා ඇති සියයට 44 ක ‘අන්‍යෝන්‍ය තීරු බදු ලිහිල් කර ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට ඇමෙරිකා වෙළඳ නියෝජිතයන් සමග වොෂින්ටනයේ දී එම සාකච්ඡා පැවැත්විණි.

මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරන සහ ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන සියයට 44 ක ඇමෙරිකානු තීරු බද්ද ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීම සඳහා සාකච්ඡා මේසයේ දී ශ්‍රී ලංකා දූත පිරිස හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය 22 වැනිදා ඇමෙරිකා වෙළෙඳ නියෝජිතජේමිසන් ග්‍රියර් සහ ඔහුගේ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී හැකි ඉක්මනින් දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම තැමැත්ත පළකර ඇත.

– Sunday Times




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!