BREAKING NEWS
Search

වාහන සේල්කරුවෝ ජාවාරමක.. ජනතාවගෙන් තුට්ටු දෙකට මිලට ගෙන කෝටි ගණන් ගරති..

254

ජනතාව ළඟ තිඛෙන පාවිච්චි කරන ලද පරණ වාහන අඩු මිල ගණන් යටතේ ලබාගෙන කෘත්‍රිම වෙළෙඳපොළක් ඇති කරමින් ලක්ෂ පනහ හැට සහ කෝටිය වැනි ඉහළ මිල ගණන් වලට අලෙවි කරමින් අයුතු ලාභ ලබන වාහන අලෙවිකරුවන් සහ වාහන අලෙවි කරන බ්‍රෝකර්වරුන් දෙසීයකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම කණ්ඩායම සංවිධානගත වී වටස් ඇප් ගිණුම් මාර්ගයෙන් වැරදි තොරතුරු සමාජ ගත කරමින් පරණ වාහනවලට කෘත්‍රිමව ලොකු වෙළෙඳ පොළක් ඇති කරගෙන තිබෙන බව එම ප්‍රකාශකයා කීවේය.

ඔවුන් මෙසේ වැඩි මිල ගණන්වලට අලෙවි කරන්නේ අඩු මිල ගණන්වලට ජනතාවගෙන් ලබාගෙන ඇති වාහන වේ.

මෙම ජාවාරම්කරුවන් පැරණි වාහන අඩු මිල ගණන් වලට ලබාගෙන ඒවා නවීකරණය කර අලුත් වාහන සේ අලෙවි කරන බව ද කියති.

මේ වෙළෙඳ මාෆියාව හේතුවෙන් ජනතාවට සාධාරණ මිලකට කුඩා වාහනයක් හෝ ලබා ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරි ඇති බව ජනතාව රජයට පැමිණිලි කර ඇත.

රජය වාහන ආනයනය තහනම් කර ඇති හෙයින් ඇතැම් වාහන අලෙවිකරුවන් අලුත්ම ජාවාරමක් ලෙස මෙය පටන් ගෙන ඇති බව පෙන්වා දෙන ජනතාව මෙම වෙළෙඳ මාෆියාව වහාම බිඳ දැමීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙති.

මෙම සංවිධානාත්මක කණ්ඩායම ජනතාවගෙන් පැරණි පාවිච්චි කරන ලද වාහන එකවර විශාල වශයෙන් මිලදී ගෙන ගොඩ ගසා ගෙන මෙම ජාවාරම දිගටම කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

– සුජිත් හේවාජුලිගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!