BREAKING NEWS
Search

විනෝදෙටද බොරු කියන්නෙ..? – මන්ත්‍රිනි කොට්ටච්චි නිසා ඇමති නලින්ද අමාරුවෙ වැටුන හැටි..! Video

490

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ඨාච්චි මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ නාලිකාවේදී ප්‍රශ්න කරන ලදී.

එම අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය සඳහා රුපියල් ලක්‍ෂ 980ක් වියදම් වූ බවත් මෙවර එම සුබ පැතුම් කෙටි පණිවිඩය නොයවා එම මුදල රජයට ඉතුරු කළ බවටත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍යවරයාගෙන් එහිදී මාධ්‍යවේදීයා විමසුවේය.

නලිනන්ද ජයතිස්ස ඇමතිවරයා එහිදී කියා සිටියේ තමන් සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නැති නමුත් පක්ෂයේ ඇතැම් අයගෙන් යම් යම් ගැටළුකාරී දේ පැවසෙමින් ඇති බවයි.

එම වරදවල් නිවැරදි කරවා ගැනීමටද කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ බොරු කීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී දැඩිව ප්‍රශ්න කරන ලද අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයාද ඊට යම් අපහසුතාවයකින් ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!