BREAKING NEWS
Search

ශ‍්‍රී ලන්කන් මුල් මාස තුනට බිලියන 3.4ක් පාඩුයි – ගමනාන්ත 45න් 31ක් පාඩුයි..!

1474

නවතම තොරතුරු වලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමනේ කරන ගමනාන්ත 45 න් 31 ක් පාඩු ලබන බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇතැයි ද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම පහත වැටී ඇති බවත් ඉන්ධන පිරිවැයද පහත වැටී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඩොලර් මිලියන 978 ක වගකීම් සහ රුපියල් බිලියන 51 ක දේශීය මුදල් ණය තිඛෙන බවද ඔහු පැවැසුවේය.

පොලී හිග මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වූ බව ඔහු ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!