BREAKING NEWS
Search

සබරගමුවේ නවක වධ සිද්ධියෙන් සිත්තැවුලට පත් සිසුවෙකු සියදිවි නසා ගනියි

559

නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.

පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.

ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කරනුයේ විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයේදී ඔහුට දරාගත නොහැකි ලෙස නවකවධයට මුහුණ දීමට සිදුවීම මෙම සියදිවි නසා ගැනීමට හේතු වූ බවය.

මේ සම්බන්ධව මියගිය චරිත්ගේ මව හැඬු කඳුලින් මෙලෙස පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!