BREAKING NEWS
Search

සම්ප්‍රදාය වෙනස් කරමින් ජනපති අනුර සඳලුතලයෙන් බිමට බසී..!

3133

උතුම් දළදා වහන්සේ වැඩ සිටින කරඩුව පෙරහැර වඩම්ම වන අවසාන රන්දෝලි පෙරහැරේදී,රාජ්‍ය නායකයා කරඬුවටත් උඩින් ක්වින්ස් හෝටලයේ ඉහළ සඳළුතලයේ සිට පෙරහැර නරඹන සම්ප්‍රදාය අප කාටත් එපා කරපු සිදු වීමක් වුනා.

එය සම්ප්‍රදාය යැයි තර්ක කිරීමට පුලුවන් උනත් බෞද්ධ, අබෞද්ධ හැමගේම ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුන උතුම් දළදා වහන්සේට ඉහලින් සිට රටේ රාජ්‍ය නායකයා එය නැරඹීම අපුල දනවන සිදුවීමක් උනා.

මීට පෙර සිටි ජනාධිපතිවරු උතුම් දළදා වහන්සේ වැඩ සිටින කරඩුව පෙරහැර වඩම්ම වන අවසාන රන්දෝලි පෙරහැරේදී,රාජ්‍ය නායකයා කරඬුවටත් උඩින්ක්වි න්ස් හෝටලයේ ඉහළ සඳළුතලයේ සිට පෙරහැර නරඹමින් සිටි අයුරු.

දළදා වහන්සේ යනු රාජ්‍යත්වයයේ සලකුණයි..දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වෙන දියවඩන නිලමේ පවා ගමන් කරන්නේ දළදා වහන්සේට පිටුපසින්..අපි හැමෝම දළදා වහන්සේට ගරු කරනවා නම් රජතුමා හෝ රාජ්‍ය නායකයා ඊටත් ඉහලින් ඉඳගෙන පෙරහැර නැරඹීම යෝග්‍ය නොවන බව අප කොයි කව් රුත් පිළිගත්ත දෙයක්.

නමුත් මෙවර පෙරහැරේ ඒ සම්ප්‍රදාය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනස් කොට ඔහුත් සාමාන්‍ය ජනතාව සමගින්ම සිට මහමළුවෙ ඉඳගෙන පෙරහර නැරඹීමට කටයුතු කිරීම ඉතාම ගරු කල යුතු සිදුවීමක් වුනා.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *