BREAKING NEWS
Search

සහනදායි මිල ගණන් යටතේ පොලිස් කතුන්ටත් ලස්සන වෙන්න අවස්ථාව.

1127

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ.

මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානයක් ලෙස ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය.

මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *