BREAKING NEWS
Search

හිටපු ජනපතිට සුවයි – නැවත කිරුලු පළඳින්න රනිල් සූදානම්- රෝහලේ ඇඳෙන් බැස නිවෙස කරා ඇවිදගෙන ගිය හැටි මෙන්න..!

2615

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පැවසුවේ රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය බවය.

නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවද හෙතෙම පැවසීය. ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා කවුරුන්දැයි එම පෙරමුණේ ප්‍රධානීන් විසින් තීරණය කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

“සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!