අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් පිටව ගොස් තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07) පස්වරු 1.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
ඒ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.







