ඇති යන්තං. තරින්දි තාමත් අවේලබල්..දැන් තමයි හිතට ටිකක් හරිගියේ
පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට නිළි තරින්දි ප්‍රනාන්දු විවාහ වූ බවට පළ කරන ලද ඡායාරූප එකතුවක් හේතුවෙන් එම යුවළට විශාල පිරිසක් සුබ පතා තිබූ අතර ඇයගේ අනාගතයට ආශිර්වාද කර තිබුණි.
නමුත් දින කිහිපයකට පසු තරින්දි සිය ෆේස් බුක් ගිණුමින් රසිකයින්ට දන්වා සිටින්නේ එය ෆොටෝ ෂූට් එකක් පමණක් බවත් ඇත්තටම ඇය විවාහ වූයේ නැති බවත්ය.
මෙම සඳහන සමග ෆේස්බුක් රසිකයින් ඇතැමුන් ඇයට දොස් පවරා තිබෙන අතර ඇය තම ජීවිතයේ සන්ධිස්ථානයක් සැහැල්ලුවට ගෙන මාකට් කර ඇති බවත් පාඨකයින් රැවටීමට ලක්කර ඇති බවත් හැඟීම් සමග සෙල්ලම් කර ඇති බවත් විවිධ චෝදනා ගොනු කර තිබේ.
මෙයට ප්‍රතිචාර ලෙස තරින්දි නැවත පිලිතුරක් සපයමින් මෙසේ පවසා ඇත.
“සුබ පැතූ , ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි 🙏
මගේ ආදරණීය රසිකයන් නොමග යැවීම කිසිසේත් මෙහි අරමුණක් වී නොමැති බවත් , මෙය විවාහ මංගල්‍යයක් ලෙසම , අනුග්‍රාහකයින් කීප දෙනෙකු සමග එකතුවී සිදු කල බ්රිඩල් ශූට් එකක් බවත් ආදරයෙන් කියා සිටිමී….
කීපදෙනෙක් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයන් ඉදිරිපත් කර තිබූ අතර , බොහෝ පිරිස් ඒ දෙස රිනාත්මකව නොබලා ඔවුන්ගේ ආදරය,ආශිර්වාදය එලෙසම ලබා දුන්නා…
ණෙගටිවෙ මර්කෙටින්ග් කර මිනිසුන් රවටා මට මාවම රවටා ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත…මා හට සාධාරණව ක්ෂේත්රය තුල ගමනක් යෑමට අවශ්‍ය ශක්තිය,ධෛර්යය ,හැකියාව ,ආත්ම විශ්වාසය ඇති බව විශ්වාසයෙන් කියමී…මාගේ චරිත වලට ආදරය කරන ,මා වටා මේ වන තෙක් රැඳී සිටි ආදරණීය රසිකයින්ගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ,මෙය රිනාත්මකව නොදකින ලෙසයි..මගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිතේ සම්බන්ධයන් මා ඔබ හා බෙදාගැනීමට කැමති සියලු තතු මා මාගේ නිල Fඅcඑබූක් ගිණුමේ සඳහන් කරන අතර , වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ සොcඉඅල් මෙඩිඅ වල ශරෙ වන තොරතුරු සම්බන්ධයෙන් දෙපාරක් සිතන ලෙස මා හට ආදරය කරන ඔබ සැමගෙන් කාරුණිකවඉල්ලා සිටිමි….
අවසාන වශයෙන් , අප හට හැම දෙනාටම “හොඳ” විය නොහැක..නැවතත් ඔබ සැමගේ ආදරණීය සුබ පැතුම් අහක නොගිය බවත්, ඉතා වටිනාතමකින් හදවතේ ඉහලම තැනක තබා ඇති බවත් කියන්නට කැමැත්තෙමී… ❤️🙏🙂
ඇය පළ කළ සටහන හා ඊට ලැබුණ ප්‍රතිචාර වලින් කොටසක් පහතින්,