BREAKING NEWS
Search

ඇඟිලි සලකුණු නොතියා වංචා කරන්න ආස අය නිසා තැපෑලේ ලිපි ලක්ෂ 15ක් ගොඩගැසේ -එක් දිනක් තුළ පාඩුව මිලියන 40

502

ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් පැමිණීම සහ පිටවීම සටහන් නොකර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් වැටුප් සහ අතිකාල දීමනා ලබාගෙන ඇති බව පසුගිය වසරේ සිදුකළ විගණන විමසුම් 200කට අධික සංඛ්‍යාවකින් හෙළි වී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

පාලන හා ගිණුම් කාර්යාලවල සේවයේ නියුතු මෙම සේවකයන් සිය මූලික වැටුපට ආසන්න අතිකාල දීමනා මාසිකව ලබාගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත්, ඇතැම් පළාත්වල මිලියනයකට අධික අතිකාල දීමනා මෙලෙස ලබාගත් සේවකයන් සිටින බවත් විගණන වාර්තා මගින් හෙළි වී තිබේ.

 

මේ අතර, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ, ඇඟිලි සලකුණු යන්ත්‍රවලින් බැහැරව අතිකාල සටහන් කිරීමට තැපැල්පතිවරයා විසින්ම ලිඛිත අනුමැතියක් ලබා දී තිබූ බවයි. සේවකයන් අතිකාල ලබාගැනීම වරදක් නම්, එය අනුමත කළ තැපැල්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන් ද වරදකරුවන් බව ඔහු ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරන්නේ නම් අතිකාල ලබාගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. සේවක වර්ජනය හේතුවෙන් එක් දිනක් තුළ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුව ඇති අතර, ලිපි සහ පාර්සල් ලක්ෂ 15ක් පමණ බෙදාහැර නොහැකිව ගොඩගැසී ඇත.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!