BREAKING NEWS
Search

නේපාල අරගලය මැද සිරකරුවන් 13,500ක් සිරෙන් පලා යති..

687

නේපාලය පුරා පැතිර ගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ 13,500කට අධික සිරකරුවන් පිරිසක් බන්ධනාගාරවලින් පලා ගොස් ඇති අතර මේ වන විට මූලස්ථානය හැර අනෙකුත් බන්ධනාගාරවලින් පොලිස් නිලධාරීන් ඉවත් වී ඇත.

ප්‍රචණ්ඩත්වය සහ ජීවිත හානි බදාදා දිනයේදී නේපාල පොලිසිය ප්‍රකාශ කළේ සිරකරුවන් 13,500කට අධික සංඛ්‍යාවක් රට පුරා බන්ධනාගාරවලින් පැන ගොස් ඇති බවත්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති බවත්ය.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ දිල්ලිබසාර් බන්ධනාගාරයේ සිරකරුවන් විශාල පිරිසක් මුදා හරින ලෙස ඉල්ලා සිටියදී හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව රඳවාගෙන සිටින ආකාරයයි.

නේපාලයේ ප්‍රචණ්ඩත්වය ඇති වී දින දෙකකට පසුව ඇති වූ නොසන්සුන්තාවයන් ප්‍රයෝජන ගනිමින්, මෙසේ රට පුරා විවිධ බන්ධනාගාරවලින් සිරකරුවන් පැන ගොස් ඇත.

සමාජ මාධ්‍ය තහනමට සහ රජයේ දූෂණයට එරෙහිව පැතිර යන කළහකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බන්ධනාගාර හතකින් මෙසේ සිරකරුවන් පැන ගොස් ඇත.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *