BREAKING NEWS
Search

2026 අයවැය හිඟය රු. බිලියන 1,757ක්

427

 

 

2026 වසර සඳහා වන රජයේ අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රාජ්‍ය සේවක වැටුප් දෙවැනි අදියරේ වැඩිවීම ජනවාරි මස සිට ලබාදීමටත්, වතු සේවක දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමටත්, තීරුබදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකිරීමටත් මෙවර අයවැයෙන් යෝජිතය.

මෙහිදී ජනාධිපතිවරයා කියාසිටියේ මෙරට ආර්ථිකය 2019 වසරේ පැවති තත්ත්වයට මේ වසර අගදී නැවත ළඟාවන බවය.

2026 අයවැය තුළ රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 5,300ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 7,057කි.

ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 1,757ක් වෙයි.

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය අද පස්වරුවේ පැවැත්විණි.

ඒ ජනාධිපතිවරයාගේ සහ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙනි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (08) ආරම්භ වන අතර එය නොවැම්බර් 14 දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6.00ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතව තිබේ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!