BREAKING NEWS
Search

2030 වෙද්දි ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ජනපතිගෙන් උපදෙස් – රනිල්ගේ 2040 ගැන කල විවේචන ගැන FB වල ලොකු මතක් කිරීමක්..!

600

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය, RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මෙහි ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS යන්ත්‍ර හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම පියවර මඟින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කරනු ඇත.

වත්මන් රජය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් සිදු කළ මැදිහත්වීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත් පියවරක් වන අතර මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ පිළිබඳව සමාජ ජාලා වල හ හා රිඇක්ශන් වැඩියෙන් දමා මධ්‍යම පාන්තිකයන්ට පැනවීමට යෝජනා කර ඇති ඩිජිටල් බදු පිළිබඳව දැඩි කතා බහක් මේ පෝස්ටුවේ කමෙන්ට් වල දක්නට ලැබේ.

මේ ආණ්ඩුවත් බලයට පත්වුනේ මාලිමාවේ ඉන්න දක්ශයෝ නිසා නොව, අනෙක් උන් හොරු සහ කාබාසිනියා කාරයෝ වුන නිසාත්, අනුර එදා වේදිකා ගානේ ගිහින් කිව්ව මහා පරිමාණ බොරු නිසයි. කෙසේ හෝ දැන් අවුරුදු 5කට බලය තියෙන එකේ එදවස කිව්ව පත හොරුන්ව මාද්‍ය සංදර්ශන දාන්න නෙමේ, උන්ව අල්ලලා හිර කරලා උන්ගේ ඒ හොරකම් කරපු දනය මේ රටේ සුභසිද්දිය පිණිස රාජ්‍යට පවරා ගනිල්ලා.
නැතුව මුනුත් මහා පරිමාණ ව්‍යාපාරිකයා, මෝල් හිමියා, කැසිනෝ හිමියා සහ ස්කාගාර හිමිකරුවන්ගේ බදු අය කර ගැනීම ලිහිල් කරලා මධ්‍යම පාන්තික අපිටම තවත් බදු ගහලා හිරකරන්ඩ ලෑස්ති වෙනවනම් මේ සිදුවීම හොදට මතක තබා ගත යුතු බවටයි සමාජ ජාලා වල කතා බහට ලක්වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!