කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා සිදුවිය හැකි ස්ථාන 221කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ත් මෙම බරපතළ තත්ත්වය පිළිබඳව පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි පැවසීය.
ඔහු එසේ පැවසුවේ, ඊයේ (නොවැ. 25) කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“රට පුරා ආපදා තත්ත්වය මෙන් ම කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය ඇති කර තියෙන්නේ මේ රට පාලනය කළ පාලකයන් බව ත් කිසිදු නියාමනයක් හෝ කිසිදු සොයා බැලීමක් නොකර ඉදිකිරීම්, ගොඩකිරීම්, පස්කඳු කපා දැමීම, වැලි ඉවත් කිරීම ආදී කටයුතුවලට දේශපාලන අධිකාරිය ලබා දුන් අවසරය නිසා මේ රටේ ආපදා තත්ත්වය දරුණු වන්නට හේතු වී තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය අද ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුව තියෙනවා. පසුගිය කාලයේ පාලකයන් හිතුමතේ මේ රටේ ජනතාව ආපදා තත්ත්වයකට ගෙන යන්නට කටයුතු කර තියෙනවා.
මේ ආපදා තත්ත්වය දැන් තමයි සිදු වන්නේ. ඒ නිසා අපේ පාලන කාලයේ රටේ ආපදා තත්ත්වය දරුණු ලෙස වැඩි වී තියෙනවා. ඒ නිසා මෙයට මුහුණ දීමට අප ආණ්ඩුවට සිදුව ඇති බව ත් ජනතාව බේරා ගන්නට ආපදා තත්ත්වය පාලනය කරන්නට පියවර ගනිමින් සිටිනවා. අපේ ආණ්ඩු පාලන කාලයේ ලංකාවේ නාය යෑම් වැඩි වී තියෙනවා. මේ නිසා ලංකාව එක් ඉඩමක් ලෙස සලකා ගම්, දිස්ත්‍රික්, පළාත් මට්ටමින් ආපදා කළමනාකරණ පැතිකඩ සැලැස්මක් සකස් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සිදු කරන්නට තීරණය කර තිබෙනවා.”
Source – Mawbima







