BREAKING NEWS
Search

වෙලේ සුදා – චමින්ද – මිදිගම රුවන් ඉන්නා වාට්ටුවෙන් සෙල්ෆෝන් 29 ක් හසුවේ

565

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද (09) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී බන්ධනාගාරයේ A, C සහ D යන වාට්ටුවල තිබී මෙම ජංගම දුරකථන තොගය සොයාගැනීමට හැකිවී ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, මරණීය දණ්ඩනයට නියමව සිටින දෙමටගොඩ චමින්ද, සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සහ පාතාල නායකයෙකු ලෙස සැලකෙන මිදිගම රුවන් වැනි කුප්‍රකට රැඳවියන්ගේ සිර මැදිරිවල තිබී මෙම දුරකථන සොයාගත් බවයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!