BREAKING NEWS
Search

ගතවූ දින 10දී ආපදා ම.රණ 31ක්…? වලපනෙත් නායයාමකින් 4ක් මිය ගිහින්…

603

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත් ව ඇත.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත.

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවය.

ආපදා හේතුවෙන් ඌව පළාතෙන් පුද්ගල මරණ ඌව පළාතෙන් 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණු පළාතෙන් සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එක බැගින් වාර්තා වේ.

Source – Ada Derana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *