BREAKING NEWS
Search

ලසන්තට – තජූඩීන්ට ඉටු නොවුනු සාධාරණය ඉෂ්ඨ කරන්න සූදානම්..!

177

පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතී.

ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියල්ල තොරතුරු එළියට ගන්නා බවද ඒ මහතා කියා සිටී.

දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට බලය පවරා ඇති බවද ඒ මහතා කියා සිටී.

මෙම පරීක්ෂණ සිදු කිරීමේදී තොරතුරු සැඟවූ තැන් මතු කිරීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවද ඒ මහතා කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!