BREAKING NEWS
Search

අලුත්වැඩියා කළ චෝගම් බස් රථ 9ක් යළි අධිවේගී මාර්ගවලට

620

වසර පහකට වැඩි කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ චෝගම් (CHOGM) වර්ගයේ සුඛෝපභෝගී බස් රථ නවයක්, රුපියල් මිලියන 37.5ක (ලක්ෂ 375) වියදමින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර යළි මගී ප්‍රවාහන සේවයට එක්කර තිබේ.

 

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ශ්‍රී ලංගම කටුබැද්ද සංචාරක ඩිපෝවේදී මෙම බස් රථ ධාවනයට එක් කෙරිණි. මෙම බස් රථ ඉදිරියේදී මාකුඹුර සිට ගාල්ල සහ මාතර දක්වාත්, කොළඹ සිට නුවර සහ යාපනය දක්වාත් අධිවේගී මාර්ගවල දුර ගමන් සේවා සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 

අලුත්වැඩියා කටයුතු සඳහා කැපවූ ලංගම සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ඒ මහතා, ධාවනයෙන් ඉවත් කර ඇති තවත් බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා නව එන්ජින් 10ක් සහ ගියර් පෙට්ටි 10ක් ඇණවුම් කර ඇති බවද හෙළි කළේය.

රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර වෙමින් පවතින බවත්, සංචාරක පැමිණීම්, විදේශ ප්‍රේෂණ සහ ආයෝජන ඉහළ යාමත් සමඟ රජයේ ආදායම වර්ධනය වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Source – Gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!