BREAKING NEWS
Search

ලසා ඝාතකයන් කොටු කරගත් දින හතරේ AI තාක්ෂණ මෙහෙයුම

924

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මරා දැමූ ඝාතකයන් සියල්ල පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන හමාරය ඒ සභාපතිවරයා මරා දමා දින 4ක් ඇතුළතදීය. මෙය පොලිස් විමර්ශකයන් දින 4ක් තුළ සිදු කළ සාර්ථක මෙහෙයුමක් විය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා මරා දමන්නේ ඉකුත් 22දා උදාසනය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වෙඩි තබා මරා දැමුවේ ඔහු සිය නිල කාර්යාලය තුළ සිටියදීය.

 

මෙදින සභාපතිවරයාගේ මහජන දිනය විය. මේ නිසා ඔහුගෙන් සිය කාර්යයන් ඉටු කර ගැනීම සඳහා වසමේ පදිංචිකරුවන් කිහිප දෙනකු සභාපතිවරයා හමුවීම සඳහා කාර්යාලය ඉදිරිපිට ඇති අසුනේ වාඩිලා සිටියහ. අත්දිග සුදු කඨිසයකින් සහ කළු කලිසමක් පැලදි පුද්ගලයකු ලිපිගොනුවක් අතැතිව සභාපතිවරයාගේ කාර්යාලය අසලට එන්නේ ඔය අතරය. ඔහු උපැස් යුවළක් පැලඳ සිටි අතර කළු පැහැති මුඛ ආවරණයක්ද මුහුණේ රඳවාගෙන සිටියේය. කනේ දුරකථන ශ්‍රවණ උපකරණයක්ද ගසාගෙන සිටි ඔහු සිය වාරය එන තුරු සෙසු පිරිස සමඟ සභාපතිවරයාගේ කාමරය ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේය. එම අවස්ථාවේ කාන්තාවක් සභාපති කාමරය තුළ සිටි අතර ඇය පිටතට පැමිණීමත් සමඟ උපැස් යුවළ පැලඳ සිටි පුද්ගලයා ලිපිගොනු කවරයද රැගෙන සභාපතිවරයාගේ කාමරයට ඇතුළු වූයේ කිසියම් රාජකාර්මය වැඩකටයුත්තකට මෙන්ය.

 

 

ඒ සමඟම ඇසුණේ වෙඩි හඬකි. වෙඩි පහර 4ක් පමණ එක දිගට ඇසිණි. ලිපි කවරය සමඟ කාමරයට ගිය පුද්ගලයා දොර විවර කරගෙන පිටතට පැමිණ දිවයන්නට විය. ඒ සමඟ ඇසුණේ විලාප හඬකි. සභාපතිවරයා වෙඩි වැදී අසුනේ බිම වැටී සිටියේය. කාර්යාලයේ නිලධාරීන් ඔහු ඔසවා ගෙන ගොස් මෝටර් රථයක දමා ගෙන මාතර මහ රෝහලට රැගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කිසිවකුට නොහැකි විය. ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹිණි. ඒ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මඟ පෙන්වීම යටතේය. විමර්ශන සඳහා පොලීස් කණ්ඩායම් 4ක් යොදා ගැනිණි. නිලධාරීන්ගේ මූලික ඉලක්කය වූයේ ප්‍රාදේශීය සභාවේ සවි කර තිබූ සීසීටීවී mකැමරාය. ඒ ඔස්සේ විමර්ශන සිදුවිය. එහිදී ඝාතකයන් යතුරුපැදියෙන් ගමන් ගන්නා අයුරු නිරීක්ෂණය විය.

මාතර දුවේ, අකුරැස්ස පාර හා යක්කලමුල්ල ප්‍රදේශය වෙත යතුරුපැදි ගමන් ගන්නා අයුරු නික්ෂණය විය. ඝාතකයන් සභාපතිවරයාට වෙඩි තබා මරා දමන්නේ FZ යතුරුපැදියකින් වුවත් කිලෝමීටරයක් පමණ දුරින් පාළු ප්‍රදේශයක නතර කර තිබු පල්සර් යතුරුපැදියකට වෙඩික්කරු නැඟ ගන්නා අයුරුද නිලධාරීන්ට දක්නට ලැබුණේය. එතැනින් එහාට ඝාතකයන් දෙදෙනා ගමන් කරන්නේ යතුරුපැදි දෙකකින්ය. සීසීටීවී කැමරා ඔස්සේ ඝාතකයාගේ හැඬරුව ඔස්සේ කළ විමර්ශනයේදී වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාරට ඝාතකයා ගැන කිසියම් තොරතුරක් ලැබිණි. ඒ ඔහු තාරක බවට සැක කරමින්ය. මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් සමඟ කෙළින්ම ගියේ අක්මීමණ හියාරේ ප්‍රදේශයටය. ඒ තාරක පදිංචි නිවෙස සොයාය. නිවෙස වසා දමා තිබිණි. ඒ අනුව නිලධාරීන්ට තාරක සම්බන්ධයෙන් තිබූ සැකය තවත් වැඩි විය. නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශන සිදු කළේය.

උසස් පොලිස් නිලධාර්ෂයක් කීවේ තුවක්කුකරුවන් සම්බන්ධන්ධයෙන් මාධ්‍ය මඟින් විවිධ තොරතුරු පළ කිරීම මත තුවක්කුකරුවන් තැනින් තැනට පලා ගිය බවය. මේ අතර නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ වෙඩි තැබීමේ සිද්ධියට පෙර තාරක සහ බිරිය ත්‍රිරෝද රියකින් ගාල්ල ප්‍රදේශයේ කඩ සාප්පුවකට ගිහින් අත් දිග සුදු කමිසයක් සහ කළු කලිසම්, හෙල් මට් ඇතුළු උපකරණ මෙන්ම ජංගම දුරකථනයක්ද මිලදී ගෙන ඇති බවය. දිගින් දිගටම මෙසේ කරුණු සොයා ගත් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉන් අනතුරුව ගියේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයටය. ඒ තාරකගේ බිරිය එම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරු මතය. ඒත් රිදියගමදී ඔවුන් සොයාගත නොහැකි වූ අතර පසුව කළ විමර්ශනයේදී ඔවුන් අම්බලන්තොට උඩ බැරගම ගම්මානයේ රැඳී සිටින බවට හෙළි විය.

 

 

පසුව එම ගම්මානයේ නිවෙසක් සෝදිසි කිර්මෙන් පසු තාරක සහ බිරිය තවත් පුද්ගලයකු සමඟ එම නිවෙසේ රාත්‍රියක් ගත කොට පසුදා උදෑසන පිටත්ව ගිය බවට තොරතුරු ලැබිණි. ඒ එම නිවෙසේ රැඳී සිටි බිරියගේ මවුපියන්ගෙන්ය. තව දුරටත් එම මවුපියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තාරක සහ ය පැමිණි ඔවුන්ට ජංගම දුර කථනයක් ලබාදුන් බවද අනාවරණය විය. පසුව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම කළ විමර්ශනයේදී ජංගම දුරකථනය මිලදී ගත් දුරකථන අලෙවිහල සොයා ගැනුණු අතර එම දුරකථන හලේ

සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී තාරක සහ බිරිය ජංගම දුරකථනය මිලදී ගන්නා අයුරු දක්නට ලැබිණි. ජංගම දුරකථනය සඳහා මුදල් ගෙවා ඇත්තේ 5,000 මුදල් නෝට්ටු වලින්ය. දුරකථනයේ මිල රුපියල් 24,400 කි. එය සිය මවුපියන්ට ලබාදුන් තාරකත් ඔහුගේ බිරියත් අනෙක් පුද්ගලයාත් එදා යතුරුපැදි දෙකකින්ම නැග පලාගොස් ඇත්තේ මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාර්න් සමඟ සම්බන්ධ වන්නේ එතැන් පටන්ය. ඒ නුව තාරකගේ බිරියගේ මවුපියන්ගෙන් ලබාගත් තාරකගේ ජංගම දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමක් සිදු විය. ඉන් අනතුරුව නව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ තාරක බිරිය සහ අනෙක් පුද්ගලයා ගමන් ගන්නා මාර්ගය නිරීක්ෂණය කිර්ම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇරැඹීය. ඒ අනුව කළ දීර්ඝ තාක්ෂණ විමර්ශනයට අනුව සැකකරුවන් කැකිරාව ගම්මාන 5 පොතානේගම ප්‍රදේශයේ පාළු නිවෙසක රැඳී සිටින බවට නිලධාරීන්ට එත්තු ගියේය. ඒ අනුව ඉකුත් 25 වැනිදා අලුයම් විශේෂ කාර්ය බළකාය සහ මූල්‍ය අපරාධ විමර්ශන කණ්ඩායම පොතොනේගම නිවෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී තාරකද එතැන රැඳී සිටි අතර ඔහු නිලධාරීන් සමග පොර බදා එතැනින් පලා ගියේය. පසුව සැකකරුවකු සහ සංක කාර්යක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා බවත් සැකකාරිය තාරකගේ බිරිය ලෙසටත් හඳුනා ගැනිණි.

ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක්ද සොයා ගැනුණු අතර එම මුදල ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා ලබාගත් මුදල් බවට නිලධාරීන්ට ඒත්තු ගියේය. එතැන තිබූ යතුරුපැදියක් ද සිය භාරයට ගත් නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එම යතුරු පැදිය සභාපතිවරයා ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදිය බවය.

පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිමේදී නිවෙසින් පලාගිය පුද්ගලයා තාරක බවට හඳුනාගැනීමෙන් පසු ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රූපය සහිත විස්තර මාධ්ය වෙතද යොමු කිරීමට නිලධාරීහු පියවර ගත්හ. එමෙන්ම තාරක ගමන් ගන්නා මාර්ගය ඔස්සේ තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් විමර්ශන කරද්දී ඔහු බොරැල්ල දෙසට ගමන් කරන බවත් සහස්පුර ප්‍රදේශයේ රැඳී සිටින බවටත් නිලධාරීන්ට ඒත්තු ගියේය. නිලධාරීන් කණ්ඩායමක් සහ පුර තට්ටු නිවාස සෝදිසි කරන්නේ ඉන් අනතුරුවය. එහිදී නිලධාරීන් නිවෙසක් දැඩි ලෙස සෝදිසි කළ අතර එහි හිමිකරු නිලධාරීන්ට පවසා තිබුණේ මිතුරකු හමුවීම සඳහා තාරක එම නිවෙසට පැමිණ ගිය බවය.

 

 

තාරක සිය ජංගම දුරකථනය චාජ් කිරීම සඳහා නිවෙස් හිමියාට ලබාදී තිබූ අතර බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී ඔහු සිය කොණ්ඩය කොටට කපා දමා ඇති බවද නිලධාර්න් අනාවරණය කරගත්තේය. දිගින් දිගටම තාරකගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කරද්දී ඔහු. මහරගම නාවින්න ප්‍රදේශයේ රැඳී සිටින බවට ඒත්තු ගිය අතර ත්‍රීවීලරයකින් ගමන් කරමින් සිටි තාරක නිලධාරීන් දැක බියට පත්ව ත්‍රිරෝද රියෙන් බැස දිව ගොස් ගරාජ්යක සැඟව ඇත. නිලධාරීන් ඔහු කොටුකර ගන්නේ එම ස්ථානයේදීය. එහිදී ඔහුගේ සිරුරේ ගසා තිබූ පච්ච සලකුණ අනුව ඔහු හිතුමතේ ජීවිතේ හෙවත් වෙඩික්කරු බවට නිළධාර්න් තහවුරු කර ගන්නා ලදී.

අල්ලාගත් මොහොතේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නේ ඩුබායි ලොක්කා නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම සිදු කළ බවත් වෙඩි තැබීම සිදු වු දා උදෑසන තමාට සභාපතිට වෙඩි තැනීමට යොදාගත් ගිනි අවිය ලබාදුන් බවත්ය.

පසුව කළ විමර්ශනයේදී හෙළි වන්නේ රුපියල් ලක්ෂ 20කට සභාපතිවරයා ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවත් එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 12ක් මොහු වෙත ලැබී ඇති බවත්ය. වෙඩි තැබීමට පෙර තාරක සහ ඔහුගේ බිය ඇතුළු තිදෙනකු ගාල්ලට රැගෙන ගොස් කමිස, කලිසම්, ජංගම දුරකථන, හෙල්මට් ලබාදීම සිදු කළ ත්‍රිරෝද රියැදුරුද මේ වන විට වැලිගම මූලස්ථාන පොලිස් පක්ෂකවරයාගේ මෙහෙය වීම මත සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර හයර් එක වෙනුවෙන් තාරක විසින් ඔහුට රුපියල් 20,000ක මුදලක් ලබාදී ඇති බවත් සඳහන්ය.

මෙම ඇඳුම් පැලඳුම්, ජංගම දුරකථන මිලදී ගෙන ඇත්තේද වෙඩි තැබීමට පෙර ලබාදුන් කොන්ත්‍රාත් මුදල්වලින් බවට සැක කරයි. වෙඩි තැබීමෙන් පසු යතුරු පැදියෙන් පලායන අවස්ථාවේ තවත් පුද්ගලයකු පැමිණ වෙඩික්කරුට නිල් පැහැති බෑගයක් ලබාදී තිබු අතර එහි තුළ මෙම මුදල් තිබෙන්නට ඇති බවත් නිලධාරීන්ගේ සැකයයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා වැඩිදුර විමර්ශන සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.
(කීර්ති මෙන්ඩිස්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *