BREAKING NEWS
Search

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ

230

දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.

2024 වසරේ කැරැල්ලක් මගින් දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ඔහු ගත් උත්සාහය ව්‍යාර්ථ කෙරිණි.

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් ඔහු ධුරයේ කටයුතු කිරීම අත්තිටවිණි. පනවන ලද හමුදා නීතිය ද, පැය කිහිපයක් ඇතුළත ඔහු විසින්ම ඉවත් කර ගැනීමට ද  පියවර ගැනිණි.  එහෙත්, ඒසමග දකුණු කොරියානු ඉතිහාසයේ, දශක ගණනාවකට පසු, දරුණු දේශපාලන කැළඹීමක් හටගත්තේය.

පසුව, යූන් ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!