BREAKING NEWS
Search

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ රවීගේ යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකඟ බව අගමැතිනිය කියයි

357

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරිය,

“පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව අපි කථා කළේ 2001 පමණ ඉදලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියළු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටු වෙනවා. සියළු දෙනාම එකඟ වියයුතු යෝජනාවකදී වත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳව තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා. තවමත් ඔවුන් සූදානම් නැහැ වරප්‍රසාද අඩු කරනවාට”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!