BREAKING NEWS
Search

අයි පි එල් කන්ඩායම් 14ක වැටුප තරම් මුදලක් හොයපු විනාඩි 16ක සටන..

2656

එක දවසකින් උපයපු මුදල!

ජේක් පෝල් සහ ඇන්තනී ජෝෂුවා අතර සටන අවසන් වෙලා දැන් ඒ සම්බන්ධයෙන් තිබුණ කතාබහත් නිමා වෙමින් යන්නේ. හැබැයි මේ තරගයේදී දෙන්නම ගෙදර අරන් ගියපු මුදල් කන්දරාව දැක්කම පුදුමත් හිතෙනවා.

වාර්තා වන අන්දමට මේ තරගය වෙනුවෙන් දෙදෙනාටම ලැබුණ මුදල අමරිකානු ඩොලර් මිලියන 192 ක්. එක දවසකට, එක සටනකට විතරක් ලැබෙන මුදල තමයි ඒක.

මම නිකම් තේරෙන විදිහට පැහැදිලි කරන්නම් මේ මුදල මොන තරම් දැවැන්තද කියලා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපි හැමෝටම වඩාත් සමීප ක්‍රීඩාව ක්‍රිකට්. ක්‍රිකට් වලත් අපි දන්නවා හිතාගන්න බැරි තරම් මුදලක් කැරකෙන්නේ අයි පී එල් තරගාවලියේ.

අයි පී එල් තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනෙක් වෙනුවෙන් ගෙවන්න පුළුවන් උපරිම වැටුප් සීමාව ඉන්දියන් රුපියල් කෝටි 120 යි. අපි හිතමු මේ එක් කණ්ඩායමක් රුපියල් කෝටි 120 ම භාවිතා කරා කියලා.

එතකොට අයි පී එල් එක සීසන් එකකට කණ්ඩායම් 10 ම ඉන්දියන් රුපියල් කෝටි 1200 ක පඩි ගෙවනවා. එතන ක්‍රීඩකයන් 250 ක් ඉන්නවා. සරල ගණිතය.

විරාට් කෝලි, රෝහිත් ශර්මා, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, මතීශ පතිරණ එකී නොකී මෙකී තරු පන්තියේ ක්‍රීඩකයන්ගේ ඉඳලා යට වෙනකන් හැමෝම උපරිම ගන්නේ ඉන්දියන් රුපියල් කෝටි 1200 යි.

ඇන්තනී ජෝෂුවාගේ සහ ජේක් පෝල්ගේ සටනේ ලැබෙන මුදල ඉන්දියන් රුපියල් වලට හැරෙව්වොත් කෝටි 1728 ක්! ඒ කියන්නේ අයි පී එල් එකේ උපරිම ලිමිට් එකට ක්‍රීඩකයන් 250 කට පඩි ගෙව්වත් තව කෝටි 528 ක් ඉතුරු වෙනවා. අයි පී එල් ටීම් 14 කට මේ සල්ලි වලින් ක්‍රීඩක වැටුප් ගෙවන්න පුළුවන්.

මතීශ පතිරණට හිමිවුන දැවැන්ත මුදල ගැන අපි කතා කළා නේ. ඔහුට හම්බෙන්නේ ඉන්දියන් රුපියල් කෝටි 18 යි. අර මුදල හොයාගන්න නම් මතීශ් අවුරුදු 96 ක අයි පී එල් සීසන් 96 ක් ගහන්න ඕනි. හැම සීසන් එකකටම කෝටි 18 ගානේ ගන්න.

රියාල් මැඩ්රීඩ් ක්‍රීඩක කිලියන් ම්බප්පේ ගේ අවුරුද්දක පඩිය වගේ 5 ගුණයකට වඩා වැඩියි. මෙසී දැන් ඉන්ටර් මයාමි වල අවුරුද්දකට ගන්නවා වගේ 10 ගුණයක මුදලක්. ඔය ගාන පහු කරලා තියෙන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විතරයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔය ගානට වඩා ඩොලර් මිලියන 28 ක් වගේ වැඩියෙන් ගන්නවා. හැබැයි ඒ සෞදි ලීග් එකේ අවුරුද්දක් සෙල්ලම් කරලා. ඇන්තනි ජෝෂුවා සහ ජේක් පෝල් දෙන්නා මේ ගාන හෙව්වේ එක දවසකින්, ඒකත් විනාඩි 16 ක වගේ කාලයකින්.

ක්‍රීඩාවේ මේ වගේ අතිශය දැවැන්ත මුදල් වෙන් වන ඉවෙන්ට්ස් තියෙනවා. ඒවා අපිට හිතාගන්න බැරි තරම් ලොකු මුදලක් හුවමාරු වෙන ඉවෙන්ට්ස්.

Source – Pro Sports




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!