BREAKING NEWS
Search

අනියම් සබඳතාවයකින් දරුවෙක්… අමීර් ඛාන් ගැන ඇහෙන මේ කතාව මොකක්ද?

1402

 

 

බොලිවුඩයේ සුපිරි තරු අමීර් ඛාන්ගේ පළමු විවාහය අතරතුර අනියම් සබඳතාවක් පැවති බවටත් ඔහුට විදෙස් ජනමාධ්‍යවේදිනියක හා පැවති පෙම් සබඳතාවකින් දරුවකු සිටින බවටත් අමීර්ගේ සොයුරු ෆයිසාල් ඛාන් විසින් හෙළිකර තිබෙනවා.

මුම්බායිහිදී ඔහු විසින් ඊයේ(18) පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර ෆයිසාල් මේ බව පවසා තිබුණා. ඔහු සිය පවුල සමඟ පවතින සියලු සම්බන්ධතා අත්රින බවත් ඊට හේතුවූ කරුණු පැහැදිලි කිරීමටත් මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණා. ෆයිසාල් ඛාන් ද බොලිවුඩයේ රංගන ශිල්පියෙක්.

අමීර් ඛාන්ගේ පළමු විවාහය සිදුව තිබුණේ රීනා දත්තා සමඟයි. 1986 දී විවාහ වූ ඔවුන් දෙදෙනා 2002 දී දික්කසාද වී තිබුණා.

පසුව කිරන් රාඔ් නමැති හින්දි සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකවරියක සමඟ 2005 වසරේදී විවාහ වී පසුව 2021 දී දික්කසාද වුණා.

විවාහයෙන් අමීර්ට දරුවන් තිදෙනෙකු ද වනවා.

ෆයිසාල් පවසන පරිදි අමීර් ඛාන්ට විවාහය අතරතුරදී අනියම් සබඳතා කිහිපයක් පවත්වා තිබෙන අතර ඉන්බ්‍රිතාන්‍ය ලේඛිකාවක මෙන්ම, මාධ්‍යවේදිනියක වන ජෙසිකා හයින්ස්ට දරුවකු සිටිනවා.

ජෙසිකා-අමීර් පෙම් කතාව පිළිබඳ මුලින්ම ප්‍රසිද්ධියට පත්වුණේ 1999ත් 2000 වසරත් අතර කාලයේදීයි. 1998දී පමණ ‘ගුලාම්’ සිනමාපටයේ රූගත කිරීම් අතරතුර වූ ඔවුන් මුලින්ම හමුවී තිබුණා.

2005 දී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අමීර්ට සහ ජෙසිකාට දරුවකු සිටින බවත් ඔහුගේ නම ජාන් බවයි.

ජෙසිකාට දරුවකු ලැබීමට සිටින බවට දැනගත් වහාම අමීර් ඒම වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කළත් දරුවා හදාගැනීමටත් ජාන් යනුවෙන් නම් තැබීමටත් පියවර ගත් බව මාධ්‍ය වාර්තා කළා.

‘බිග් බී: බොලිවුඩය, බච්චන් සහ මම’ කෘතිය ලියා ඇත්තේ ද ජෙසිකා විසිනුයි. ඇය කාලයක් තිස්සේ ඉන්දීය සිනමාව ගැන බොහොමයක් ලිපි ලියා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් තමාට මානසික රෝගියකු බව ඔප්පු කිරීමට තම පවුල උත්සාහ ගන්නා බව පවසමින් ඒ් නිසා තමා පවුල අත්හරින බවත් සිය නීතිඥයා පසෙක තබාගෙන ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ෆයිසාල් කියා තිබුණා.

Credit – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!