BREAKING NEWS
Search

කොමාන්ඩෝ බලඇණියක් මීමුරේට උඩින් යයි

243

 

(ෂේන් සෙනෙවිරත්න)

මීමුරේ ගම්මානයේ කොටුවී සිටින ජනතාවගේ දුක සැප විමසීම සඳහා අට දෙනකුගෙන් සමන්විත කොමන්ඩෝ බලඇණියක් විශේෂ හෙලිකොප්ටර් යානයකින් එම ගම්මානයට අද දහවල් ගොඩ බැස්සේය

නිසි වෛද්‍යයක් ප්‍රතිකාර නොමැතිව ගම්මානයේ සිටි ගර්භනී මව්වරුන් රෝගී කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කිරීමටද පියවර ගත්තේය.

එසේම එම ගම්මානය සමග සියලු සන්නිවේදන පහසුකම් බිඳවැටි ඇති එබැවින් ගම්මානයේ මාර්ග පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හා ඔවුන්ගේ අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් ගමේ නායක හිමිවරුන් ඇතුළු අනෙකුත් වගකිව යුත්තන්සමඟ සාකච්ඡා කිරීමටද හමුදා සන්නිවේදන කට්ටල ඔස්සේ සිදු කෙරුණි.

එම අවස්ථාවේදී මීමුරේ විහාරස්ථානයේ නායක හිමියන් යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන්ට සිය ස්තුතිය ප්‍රකාශ කරමින් පවසා සිටියේ මේ වන වනවිට මීමුරේ මාර්ගය නැවත අලුත් වැඩියා කිරීම සඳහා යුද හමුදා බල ඇණියක් ඉතා කැපවීමෙන් යුතු කටයුතු කරන බවයි

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!