BREAKING NEWS
Search

කුඩා කල පටන් පැවති ආශාව ඉෂ්ට කර ගනිමින් වෙස් බැන්ඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයා !

1248

විශේෂඥ විකිරණවේදියෙකු වන වෛද්‍ය සුසන්ත ඉන්දික මහින්දවංශ මහතා, සිය වෘත්තීය ජීවිතය සහ කුඩා කල සිට පැවති කලාව කෙරෙහි වූ ලැදියාව එක්තැන් කරමින්, වයස අවුරුදු 48දී උඩරට වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස පසුගියදා කලඑළි බැස්සේය.

 

ඔහුගේ වෙස් බැඳීමේ මංගල්‍යය පසුගිය ජූලි 27 වනදා මහනුවර, අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේදී පැවැත්විණි. සිය පියාටත් පෙර වෙස් බැඳි නැටුම් ශිල්පීන් වන ඔහුගේ පුතුන් දෙදෙනාද මෙම අවස්ථාවේදී ඔහු සමග එක්ව නර්තනයේ යෙදීම විශේෂත්වයක් විය.

 

පොළොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සුසන්ත මහතා, මහනුවර ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී දිවංගත පීටර් සූරසේන ගුරුන්නාන්සේ යටතේ නර්තනයට අත්පොත් තැබීය. 1994 සමස්ත ලංකා නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනූ පාසල් කණ්ඩායමේ ඔහු සාමාජිකයෙකු විය.

උසස් අධ්‍යාපනය සහ වෛද්‍ය වෘත්තිය හේතුවෙන් කලක් නර්තනයෙන් ඈත්ව සිටි ඔහු, යළිත් ඊට යොමුවී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ හෙළ වෙදකමේ කොටසක් වන කොහොඹා කංකාරිය වැනි ශාන්තිකර්ම අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කිරීමේ අරමුණින් බව ඔහු පවසයි. රෝගීන් සුවපත් කිරීම සඳහා මෙම වෛද්‍ය ක්‍රම දෙකම යොදාගත හැකි ආකාරය පිළිබඳව පර්යේෂණ කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහුගේ පළමු ගුරුවරයා වූ පීටර් සූරසේන මහතාගේ පුත්, ජානක සූරසේන මහතා යටතේ ඔහු මේ වනවිට නර්තනය හදාරන අතර, වෛද්‍යවරියක වන ඔහුගේ බිරිඳගෙන්ද මෙම කටයුතු සඳහා විශාල සහයෝගයක් ලැබෙන බව වාර්තා වේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!