BREAKING NEWS
Search

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.නියමුවා ඇතුලු කිසිවෙකුත් දිවි ගලවාගෙන නැ…

5600

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද ඇතුළත් ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිටි බවය.

අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඔවුන් වාර්තා කර තිබේ.

වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අය බවද වාර්තා වේ.

අනතුරට හේතුව බවට මේ වන විට හඳුනාගෙන ඇත්තේ තාක්ෂණික දෝශ සහ කාලගුණික තත්ත්වයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!