BREAKING NEWS
Search

වන අලි රංචුවක් දුම්රියක ගැටේ.. – අලි 8ක් මිය ගිහින්…

233

ඉන්දියාවේ ඇසෑම්හිදී අද (20) පෙරවරුවේ දුම්රියක වනඅලි රංචුවක් ගැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් වනඅලි 8 දෙනෙකු මරණයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

සයිරං සිට නවදිල්ලි බලා අලුයම 2.17ට පිටත් වූ අධිවේගී දුම්රියක මෙම අලි රංචුව ගැටී තිබේ.

ඉන් මියගිය අලින්ට අමතරව තුවාල ලැබූ එක් පැටවෙකුද සිටී.

කෙසේ නමුත් වනඅලි රංචුව ගැටීමත් සමග දුම්රිය පිලී පැනීමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය සේවා කටයුතු ද අඩාල වී තිබේ.

දුම්රිය මාර්ගයේ අලි රංචුව දුටු දුම්රිය නියමුවා හදිසි තිරිංග යෙදුවද අනතුර වළක්වාගැනීමට නොහැකි වී ඇත.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!