BREAKING NEWS
Search

නවක විවාහකයින්ට රජයෙන් ගෙයක්

3106

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ මෙරට නිවාස ගැටලුව විසඳීමේ අරමුණින්, විවාහක යුවළ සඳහා නිවාස ලබාදීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මීට අමතරව, රාජ්‍ය සේවකයින්ට නිවාස ඉදිකිරීමට සහ අලුත්වැඩියා කිරීමට ණය මුදලක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) අනුරාධපුරයේ පැවති නිවාස ආධාර ලබාදීමේ උත්සවයකදීය.

විවාහ වූ පසු තමන්ටම කියා නිවසක වෙනම ජීවිතය ගතකිරීමට තරුණ පරම්පරාවේ ප්‍රවණතාවයක් පෙන්වාදුන් ඇමතිවරයා මෙම අභිලාෂය සපුරාලීමට තමන්ගේ රජයට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *