පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ දියණියගේ මංගල උත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයෙක් සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම විවාහ උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසකට ආරාධනා කර තිබීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු එක් මේසයකට වී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපති වරප්‍රසාද කප්පාදුව සහ තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් මෙහිදී කෙටි කතාබහක් සිදුව තිබෙනවා.
මහින්ද අමරවීර, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, වජිර අබේවර්ධන, හර්ෂණ රාජකරුණා, හර්ෂද සිල්වා, රිෂාඩ් බදියුදීන් ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙම මංගල උත්සවයට පැමිණ සිට ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන් මෙම මංගල උත්සවයට පැමිණ සිටි අතර හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.
කාලෙකින් හමුවුණේ යනුවෙන් මහින්ද අමරවීර කතාබහ පටන් ගත් අතර චාමර සම්පත් අපේ පරණ සෙට් එකේ හුග දෙනෙක් ඡන්දෙන් පස්සෙ හමු වූ බවයි එහිදී පවසා සිටියේ.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හා ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මෙම මංගල උත්සවයට රටේ ප්‍රකට ව්‍යාපාරිකයින් රැසක්ම සහභාගි වූ අතර ඔවුන් කිහිපදෙනෙකුම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කළේ වර්තමානයේදී විපක්ෂය භූමිකාව හරියට සිදු නොවන බවයි.
Source – Lanka C News







