BREAKING NEWS
Search

වසර 45කට පසු පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්

404

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මෙම පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

 

මෙම ව්‍යාපෘතිය යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහලය මත ඇති පස් තට්ටුව ඉවත් කර එය ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. ඊට අමතරව, ගොඩනැගිල්ලේ වැහි පිහිලි පද්ධතිය, තඹ දොරවල්, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය, වැසිකිළි පද්ධතිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරය ද සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීමට නියමිතය.

මීට පෙර පාර්ලිමේන්තුවේ සුළු නඩත්තු කටයුතු එහි සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කළ ද, මෙම මහා පරිමාණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සපයනු ලබන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සඳහන් කරති.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!