BREAKING NEWS
Search

පොහොට්ටු මන්ත‍්‍රීගේ ඉඩමෙන් බැකෝ සමන්ගේ මත්ද‍්‍රව්‍ය විශාල තොගයක් හමුවේ…!

1366

 

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුට අයත් ඉඩමක වළදමා තිබියදී සොයා ගෙන ඇත.

මිදෙණිය තලාව ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පේරී නැමැති අයගේ ඉඩමේ තිබී හමුවී ඇත.

මෙම රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරටට රැගෙන ආ බැකෝ සමන් නැමැත්තා ප්‍රශ්න කිරීමේදී ලබාදුන් තොරතුරු මතයි.

බියගම උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇත.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය විසින් අද දින පරීක්ෂණ සිදුකර ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේදී රසායනික ද්‍රව්‍ය තොගය මෙරටට ආනයනය කළ බවට සැක කරන කන්ටේනර් දෙකක්ද මෙම භූමියේ තිබී නිරීක්ෂණය වී ඇත.

තවත් එවැනිම රසායනික ද්‍රව්‍ය කොටසක් අසල සුසාන භූමියකද දමා තිබියදී හමුවී ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!