BREAKING NEWS
Search

බීමතින් පොල් ගහක් උඩ විරෝධතා කල ආසන සංවිධායකයෙකුට ගහ උඩම නින්ද යයි…

1128

අපේ ජන බල පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස හඳුන්වා දෙන පුද්ගලයෙකු පොල් ගසක් මත නිදාගෙන සිටියදී බේරා ගෙන ඇත.

මෙම මෙහෙයුම සඳහා කළුතර කොට්ඨාස රථවාහන පොලිස් නිලධාරීන්, පයාගල පොලිසිය සහ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ඒකාබද්ධව මැදිහත් වී ඇත.

අද (09) අලුයම 2.00ට පමණ, පයාගල පොලිස් වසමට අයත් ඇළගහවත්ත වෙරළ ආසන්නයේ පිහිටි අඩි හතළිහක් පමණ උසැති පොල් ගසකට මෙම පුද්ගලයා නැග තිබේ.

ඔහු මත්පැන් පානය කර සිට ඇති අතර, රටේ සහ තමාට ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම අරමුණු කරගෙන මෙලෙස පොල් ගසට නැග ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, ගස මත සිටියදීම ඔහුට නින්ද ගොස් ඇති බව අනාවරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!