අද (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන්, එය සමරන සියලු දෙනා වෙත ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර ප්‍රධාන පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ, රට තුළ පවතින නීති, රීති සහ සාරධර්මවලට අනුකූලව ආදරවන්තයින්ගේ දිනය සමරන ලෙසයි.
එමෙන්ම එය ගෞරවනීයව, සමාජ සදාචාරයන්ට හා නීතිමය සීමාවන්ට අනුකූලව, වගකීමෙන් යුතුව සැමරීම වැදගත් බවද පොලිසිය අවධාරණය කරයි.
පොලිසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මහජන සාමය හා සුරක්ෂිතතාවයට බාධාවක් නොවන ආකාරයෙන් මෙම දිනය සැමරීමට කටයුතු කරන ලෙසයි.
Dasatha Lanka News







