BREAKING NEWS
Search

ඡංගම දුරකතනයක් කළ හදියක්

1266

 

 

 

ඡංගම දුරකතනයක විදුලි ආරෝපණයට යොදා තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් මෙවර උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් විනාශ වි ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

මෙම අවසනාවන්ත අවස්ථාවට මුහුණ දි ඇත්තේ සිගිරිය ගලකොටුව ප්‍රදේශයේ පදිංචි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර වානිජ හා අංශයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන සිසුවියකි.

මෙම නිවසේ රාත්‍රී 10 පමණ වන විට එකවරම ගින්නක් හට ගත් බව නිවැසියෝ පැවැසූහ. ප්‍රදේශවාසීන්, පොලිසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත් වුවද මෙම දියණියගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල විනාශවී ඇත.

මෙම දියණිය සහ මව සඳහන් කළේ පස්වරුවේ ප්‍රදේශයට විදුලි බලය නොතිබුණු නිසා ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය පොත් මේසය උඩි තබා විදුලි ආරෝපණය සවිකොට අසල්වැසි නිවසට ගිය බවය.

පැය කිහිපයක් යද්දී එකවරම මෙම ගින්න හටගෙන තමන්ගේ සියල්ල විනාශ වූ බව ඇය සඳහන් කරන්නීය .

දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් සිදුව මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

Lankadeepa (කාංචන කුමාර ආරියදාස)

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!