BREAKING NEWS
Search

Instagram සඳහා නව යෙදවුමක් හඳුන්වාදෙයි.. දෙමාපිය අධීක්ෂණයටත් අවස්ථාවක්..

719

 

සමාජමාධ්‍ය අද වර්තමාන ලෝකයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..

ඉතින් යෞවන වයසේ පසුවන බොහෝ දෙනෙක් මේ දේවල්වලට යොමුවෙන එක සාමාන්‍යයි..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්..

පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රීය කිරීම පිළිබඳ නිවේදනය කර තිබුණා..

මෙම හමුව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා..

මෙම Instagram යොවුන් ගිණුම් අධීක්ෂණ සඳහා වන යෙදවුම, තම දරුවන්ගේ Instagram ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අධීක්ෂණයක් දෙමාපියන්ට ලබා දෙන යෙදවුමක් වෙනවා..

මෙම නව විශේෂාංගය වයස අවුරුදු 13 සිට 17 දක්වා ළමුන් සඳහා නිර්මාණය කර ඇති අතර, එමඟින් බුද්ධිමය පාලන කට්ටලයක් ඔස්සේ ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමට දෙමාපියන්ට සහ භාරකරුවන්ට හැකියාව ලැබෙනවා..

මෙහි ඇති ප්‍රධාන විශේෂාංග අතරට, ප්‍රවේශය පුර්ව අනුමත සම්බන්ධතාවලට සීමා වීම, සීමිත පණිවිඩකරණ හැකියාව, සංවේදී අන්තර්ගනයන්ට ප්‍රවේශය පිළිබඳ දෙමාපියන්ගේ පාලනය, අන්තර් ක්‍රියා සීමාවන් පවත්වා ගැනීමේ හැකියාව, දෛනික තිර කාල සීමාවන් සැකසීමේ හැකියාව ආදිය ඇතුළත් වෙනවා..

දෙමාපිය අධීක්ෂණය සහිත Instagram යොවුන් ගිණුම් හඳුන්වාදීම, ශ්‍රී ලංකාවේ තරුණ පරිශීලකයින් සඳහා මාර්ගගත ආරක්ෂණ ගැටළු විසඳීමේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකි බව සඳහන් කරනවා..

මෙමඟින් දෙමාපියන්ට සහ භාරකරුවන්ට ආරක්ෂිත සහ වයසට ගැළපෙන සමාජ මාධ්‍ය අත්දැකීමක් සිය දරුවන්ට ලබාදීමට අවශ්‍ය කරන පහසුව සලසා දෙන අතර, මෙම දෙමාපිය අධීක්ෂණ හැකියාව, නුදුරුදීම Facebook Messenger වැනි අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා වෙතද හඳුන්වා දෙන බව Meta ආයතනය නිවේදනය කර තිබෙනවා..

එමෙන්ම මෙම සාකච්ඡාව අතරතුරදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර අන්තර්ජාල පාලනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවීමේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ රාමුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය සහ Meta ආයතනය අවදානය යොමු කළා..

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා Meta හි මහජන ප්‍රතිපත්ති අධ්‍යක්ෂක සරීම් අසීස්, කෘතිම බුද්ධිය සඳහා මෙටා සමාගමේ වැඩ පිළිවෙළ පෙන්වා දුන් අතර AI යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 75 ක ගෝලීය ආයෝජනයක් සිදු කර ඇති බව සඳහන් කර තිබෙනවා..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *