BREAKING NEWS
Search

යළි මෙවැනි ව්‍යස­න­ය­කට ලක් නොවී­මට ස්ථිර විස­ඳු­මක් අව­ශ්‍යයි – ජන­පති කියයි

217

 

සුළි කුණා­ටු­වෙන් ඇතිවූ ව්‍යස­න­යට මෙරට ජන­තාව නැවත ලක් නොවන අයු­රින් අව­දා­නම් සහිත ප්‍රදේ­ශ­වල ජීව­ත්වන ජන­තා­වට ස්ථිර දීර්ඝ­කා­ලීන විස­ඳු­මක් ලබා දීමේ අව­ශ්‍ය­තාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

නිවාස සංව­ර්ධන අධි­කා­රියේ සහ මුදල් අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් අතර හමු­ව­කට එක්වෙ­මින් ජනා­ධි­ප­ති­ව­රයා දීර්ඝ­කා­ලීන විස­ඳු­මක් පිළි­බ­ඳව එසේ අව­ධා­ර­ණය කළ අතර එම හමුව ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (04) පෙර­ව­රුවේ පැවැ­ත්විණ. දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි­යට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියා­ව­ලිය සොයා බැලීමේ අර­මු­ණින් මේ සාක­ච්ඡාව කැඳවා තිබිණි.

අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් පූර්ණ සහ අර්ධ හානි­යට පත් නිවාස හඳු­නා­ගැ­නීම නිසි ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැ­රදි දත්ත කාර්ය­ක්ෂ­මව ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රම­වේ­ද­යක් සකස් කරන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

මෙවැනි ව්‍යස­න­ය­කට ජන­තාව නැවත ලක් නොවන අයු­රින් අව­දා­නම් සහිත ප්‍රදේ­ශ­වල ජීවත් වන ජන­තා­වට දීර්ඝ­කා­ලීන විස­ඳු­මක් ලබා දීමේ අව­ශ්‍ය­තාව මෙහිදී අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා, ඒ සඳහා නිවැ­රදි දත්ත හඳු­නා­ගන්නා ලෙසද නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

නාය යෑම් හේතු­වෙන් නිවාස 1289ක් පූර්ණ හානි­යට සහ නිවාස 44,574ක් අර්ධ වශ­යෙන් හානි­යට පත්ව තිබෙන බව දැනට සිදු කරන ලද සමී­ක්ෂ­ණ­ව­ලදී තහ­වුරු වී ඇති බව නිවාස සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන් විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

නිවාස, ඉදි­කි­රීම් සහ ජල සම්පා­දන ඇමැති සුසිල් රණ­සිංහ, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, ජාතික අය­වැය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ජූඩ් නිලු­ක්ෂාන්, ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති අර­වින්ද සිරි­නාත මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

උපාලි කරු­ණා­රත්න

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!