BREAKING NEWS
Search

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර කිරීමේ සැලසුමක් හෙළිවෙයි!

3089

 

ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම සහ ඊට ඇති පාරිභෝගික විශ්වාසය අඩුකිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හෙළිව තිබේ.

මීට අදාළ පළමු පියවර ලෙස මෙරටට ගෙන්වනු ලබන සියලු ඉලෙක්ට්‍රික් වාහන විමර්ශනයකට යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැලසුමක් Economy Next.com සිය නවතම ලිපියක් මගින් අනාවරණය කර තිබේ.

2025 අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන අනුව, Toyota (29%) පසුව BYD (21%) දෙවන ස්ථානයට පත්වී තිබේ. BYD වැනි චීන ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයින්ගේ මෙම වර්ධනය සම්ප්‍රදායික වාහන ආනයනකරුවන්ට තර්ජනයක් බවට පත්වී ඇති අතර, ශ්‍රී ලංකා රේගුවේ ඉතා විශ්වාසනීය මූලාශ්‍රයක් උපුටා දක්වමින් Economy Next වාර්තා කරන්නේ මෙරටට ආනයනය කරන ඉලෙක්ට්‍රික් වාහන ඉදිරි දින කීපයේදී පරීක්ෂාවකට ලක් කිරීම සඳහා රේගුවේ රඳවා තබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

වාර්තාවට අනුව , එවන් තත්ත්වයක් ඇති වුවහොත් , දැනට මෙරටට ආනයනය කරන ලොව උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රික් වාහන මිලදි ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට අහිමි වනවා.

එහි වක්‍ර ප්‍රතිඵලය වන්නේ අලුත් ඉලෙක්ට්‍රික් වාහන වල මිල විශාල ලෙස ඉහල ගොස් පාවිච්චි කල හෝ පැරණි වාහන සදහා වෙළදපොළ යළිත් නිර්මාණය වීමයි.

ඊට අවශ්‍ය පසුබිම සකසමින් මේ වන විටත් අලුත් ඉලෙක්ට්‍රික් වාහන වල මිලට වඩා වැඩියෙන් මිල සදහන් කරමින් ඉලෙක්ට්‍රික් වාහන අලෙවි කිරිමට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙනු නිරික්ෂණය කල හැකියි.

එම දැන්වීම් වලට අනුව ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ඇතැම් වාහන මාදිලි වල මිල රුපියල් ලක්ෂ 50 කට ආසන්න ගණනකින් වැඩි කර සදහන් කර තිබෙනවා.

වෙළදපොළ නිරික්ෂකයන්ගේ පවසන්නේ පාවිච්චි කල හෝ පැරණි වාහන අලෙවි කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී ඇතැම් වාහන අලෙවිකරුවන් , මෙවන් නොමග යවන උපක්‍රම භාවිතා කරමින් ඉලෙක්ට්‍රික් වාහන වල මිල ඉහල දැමීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

ඒ ඔස්සේ පාවිච්චි කල හෝ පැරණි වාහන අලෙවි කර ගැනිමේ පටු අරමුණිනින් ඔවුන් කටයුතු කරනවා.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම බාධා කිරීමේ කටයුතු සැලසුම් සහගතව සිදු වන්නේ නම් , පාවිච්චි කල වාහන මාෆියාව යළි හිස එසවීමට එම තත්ත්වය අනුබල දීමක් වන බව නොඅනුමානයි.

එවන් තත්ත්වයක් ඇති වුවහොත්, දැනට මෙරටට ආනයනය කරන ලොව උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රික් වාහන මිලදි ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට අහිමි වීම අනිවාර්‍යයක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් උපුටා දක්වමින් Economy Next සදහන් කලා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදයේදී, ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය වහාම මැදිහත් වී පාරිභෝගික අයිතිවාසිකම් සහ නිදහස් වෙළෙඳපොළ ආරක්ෂා කළ යුතු බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!