BREAKING NEWS
Search

බංග්ලා­දේ­ශ­යෙන් සහ­නා­ධාර රැගත් ගුවන් යාන­යක් දිව­යි­නට…

145

 

විප­තට පත් ජන­තා­වට මදුරු දැල් 1,000ක්, ආහාර පැකට් 500ක්, කූඩා­රම් 10ක්, විදුලි පන්දම්, බූට්ස් සපත්තු, කබා, අත්වැ­සුම්, හිස්වැ­සුම් මෙන්ම අත්‍ය­වශ්‍ය ඖෂධ පෙට්ටි 125ක් රැගත් බංග්ලා­දේ­ශයේ සහ­නා­ධාර රැගත් එරට ගුවන් හමු­දාවේ C-30 ගුවන් යානය පෙරේදා (03) මෙර­ටට ළඟා විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශය අතර ශක්ති­මත් මිත්‍ර­ත්වය තහ­වුරු කර­මින් ශ්‍රී ලංකාවේ බංග්ලා­දේශ මහ­කො­ම­සා­රිස් අන්ද­ලිබ් එලි­යාස් මහතා මේ ආධාර තොගය නිල වශ­යෙන් භාර දුන් අතර, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් මයුරි පෙරේරා මහ­ත්මිය ඇතුළු කණ්ඩා­යම විසින් එය භාර ගනු ලැබූහ.

මේ ද්‍රව්‍ය කඩි­න­මින් බල­පෑ­මට ලක් වූ ප්‍රදේ­ශ­වල ජන­තා­වට යොමු කෙරේ.

උපාලි කරු­ණා­රත්න

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!