අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බ්‍රෙවර්ඩ්හිහිI-95 අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ ටොයෝටා කැම්රි වර්ගයේ මෝටර් රථයක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැදී තිබෙනවා.
මෙම අනතුර නිශ්චිතවම ග්‍රහණය කරගත් වීඩියෝවක් දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ යානයේ 27 හැවිරිදි නියමුවා සහ ඒ හා සමාන වයසේ පසු වූ ඔහුගේ මගියා කිසිදු තුවාලයකින් තොරව අනතුරෙන් ගැලවීමට සමත් වූ බවයි.
ෆ්ලොරිඩා අධිවේගී මාර්ග මුර සංචාරක අංශය සඳහන් කළේ, කැම්රි මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇතත්, මෙම සිදුවීමෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි.
.බ්‍රෙර්ඩ් ප්‍රාන්ත ගිනි නිවීම් හා ගලවා ගැනීමේ ඒකකයට අනුව, මෙම ගුවන් යානය කාර්යබහුල අධිවේගී මාර්ගය මතට බලහත්කාරයෙන් ගොඩබැසීමක් සිදු කර තිබුණා.
ගැටීමට තුඩු දුන් මෙම හදිසි ගොඩබෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
Source – Hiru Gossip







