පිටරටට හදාගැනීමේ අරමුණින් ලබාදුන් දරුවකු වන ටොර්ටෙන් මෙයරි වසර 5 ක් තිස්සේ තම සැබෑ මව්පියන් සොයන 40 හැවිරිදි තරුණයෙකි. ඔහු සැබෑ මව සොයමින් මාධ්‍ය වෙත ආයාචනයක් කර තිබේ. එහි මෙසේ දැක්වේ.
” මගේ ශ්‍රී ලාංකික නම මාර්ක්. මගේ ජීව විද්‍යාත්මක ලිපි ලේඛනවල සඳහන් පරිදි මවගේ නම මොහොමඩ් සාලි මරික්කාර් සිත්ති ජෙසීමා මවගේ උපන් දිනය ලෙස 1964 ජනවාරි 31 ලෙස සඳහන් වෙනවා. මව ඉන්දියානු මුස්ලිම් ජාතික තැනැත්තියක වෙන අතර මම උපදින විට ඇයට වයස අවුරුදු 21 ක් . මේ වන විට ඇයට අවුරුදු 61 ක් පමණ වෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මගේ ඩෙන්මාර්ක් දෙමාපියන් පවසන්නේ මා එරටට රැගෙන යද්දී මට වයස මාස එකහමාරක් වෙන බවයි.
මට අවුරුදු 5 දි මා හදාගන්න ගත්ත දරුවෙකු බවත් මම ශ්‍රී ලාංකික බවත් මගේ ඩෙන්මාර්ක් දෙමාපියන් ලංකාවෙන් පැවසුවා. එවිට ලැබුණ විද්‍යාත්මක දෙමාපියන්ගේ තොරතුරු ඇතුළත් ලේඛන මට දුන්නා. ඒ තොරතුරු සත්‍යම ඒවද කියන්න මම දන්නේ නැහැ. මා දරුකමට හදාගැනීමේ ලියකිවිලිවල යම්කිසි වරදක් තිබෙන හැඟෙනවා.
එම ලිපිලේඛනවලට මම ඉපදුණා යැයි ස්ථාන දෙකක් පිළිබඳව සඳහන් වෙනවා.
මගේ දරුකමට හදා ගැනීමේ ලියකියවිලිවලට අනුව, මම 1985 සැප්තැම්බර් 23 වන දින කාසල් වීදියේ රෝහලේ හෝ ද සොයිසා කාන්තා කොළඹ රෝහලේ උපත ලබා තිබෙනවා.
ලේඛනවල රෝහල් ද්විත්වය ගැනම සඳහන්. මගේ මව කොළඹ ධනවත් පවුලක සේවය කරමින් සිටියදී ගැබ්ගෙන ඇති අතර මගේ ජීව විද්‍යාත්මක පියා ගැන කිසිදු සඳහනක් එම ලේඛනවල නැහැ
මගේ දරුකමට හදා ගැනීමේ පත්‍රිකාවල නිශ්චිත මව්පියන් පදිංචි ලිපිනයක් ලබාදී නොමැති බැවින්, මව සොයා ගැනිමේ කාර්යය ඉතාම දුෂ්කරයි. එබැවින්, මගේ ජීව විද්‍යාත්මක මව වන මොහොමඩ් සාලි මරික්කාර් සිත්ති ජෙසීමා සහ මගේ ඥාතීන් පිළිබඳ තොරතුරක් දන්නා කෙනෙකු වේ නම් ඒ බව ලංකාවේ ජීවත් වෙන පේෂාන් රණසිංහ 0775000547 මහත්මාට දැනුම් දෙන ලෙස කරුණාවෙන් මා ඉල්ලා සිටිනවා.”
ටොර්ටෙන් මෙයරි වර්තමානයේ හා ඔහු මව සමග කුඩා කල ලබාගත් ඡායාරූප දෙකක් පහතින්