BREAKING NEWS
Search

ග්‍රාම නිලධාරීණියකට තර්ජනය කළැයි මාලිමා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

165

ග්‍රාම නිලධාරීණියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායාය.

ඉකුත් 5වනදා තමන් ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්‍රාම නිලධාරීවරිය පොලීසියට පවසා ඇත.

තමන් මේ බව මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත්කළ බව ඇය පවසයි.

ඒ අතරවාරයේ ඉකුත් 8 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කථාකර බැන වැදුණු බවද ග්‍රාම නිලධාරීනිය පොලීසියට පවසා ඇත.

ලැබී තිබූ පැමිණිල්ල සඳහා සිදුකළ කැඳවීමක් අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත්වීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!