තාක්ෂණය අද මොන තරම් දියුණුයිද..? ඒත් ඒ තාක්ෂණය නිසා සමහරවිට අපි නොහොතන බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්.
චීන රොබෝ තාක්ෂණ සමාගමක් වන EngineAI, හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) වන ෂාඕ ටොන්ග්යැන්ග්ට රොබෝ මිනිසකු විසින් පහර දී තිබෙනවා.
මෙම පහරදීම සිදුව ඇත්තේ අදාල සමාගම විසින් සිය නවතම රොබෝ මාදිලිය, පරිගණකයෙන් නිර්මාණය කරන ලද රූපයක් (CGI) පමණක් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීම සඳහා පාලිත නිරූපණයක් ලෙස සිදුකළ ආකෘතිමය සටනක් අතරතුරයි.
T800 මානව රූපාකාර රොබෝ යන්ත්‍රය මගින් ප්‍රධාන විධායක නිලධාරිවරයාට පහර දී බිම හෙළන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාගම විසින් නිකුත් කර තිබෙනවා.
දෙසැම්බර් 6 වන දා පමණ සමාජ මාධ්‍යවල පළ වූ මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ, ෂාඕ ඝන ආරක්ෂිත ආවරණ, පපුවේ ආවරණ ආම්පන්න ද පැළඳගෙන, මානව පරිමාණයේ T800 රොබෝ යන්ත්‍රය සමඟ ‘අනුකරණය කරන ලද සටනකට’ මුහුණ දෙන ආකාරයයි.
මෙම T800 රොබෝ යන්ත්‍රය මීටර් 1.73 ක් උස වන අතර බර කිලෝග්‍රෑම් 75 ක්. සටන ආරම්භ කිරීමේ සංඥාවෙන් පසු, රොබෝවරයා හැරී, ෂාඕගේ බඳ වෙත ප්‍රබල පැති පහරක් එල්ල කළා. එම පහරින් ඔහු පසුපසට පැදුරක් මත ඇද වැටුණා.
ෂාඕ ඉක්මනින්ම නැගිට ගත් අතර ඔහුට මහන්සි වී සිටින බවක් පෙනුණද, ඔහු සිනාසුණා. පසුව ඔහු මෙම ප්‍රහාරය ‘ඕනෑවට වඩා ප්‍රචණ්ඩකාරී’ බවයි පැවසුවේ.
මෙම වීඩියෝව මගින් EngineAI සමාගම ඔවුන්ගේ තාක්ෂණය සැබවින්ම පවතින බව පෙන්වීමට උත්සාහ කරනවා.







