BREAKING NEWS
Search

ලංකාවේ පලමු තරු හතේ හෝටලයට දකුණු ඉන්දීය සුපිරි නළුවෙක් එයි…

750

 

 

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් 05) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණින් දින 04ක කාලයක් සරත් කුමාර් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට්, ප්‍රයිවට් චැලේට්ස් සහ ආශ්‍රම් (Aviyana Ceylon Resort – Private Chalets & Ashrams) හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ ආරධනාවකට අනුව මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සරත් කුමාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක පිහිටා ඇති මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට් වෙත හෙට (06) දින සරත් කුමාර් පැමිණීමට නිමිතව ඇත.

මීට අමතරව කොළඹ, ගාල්ල, යන ප්‍රදේශවලද සරත් කුමාර් සංචාරය කිරීමට නියමිතයි.

දකුණු ඉන්දීය ප්‍රකට නළු සරත් කුමාර් අරසු, පාරයි, ගාම්භීරම් ඇතුළු චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත රඟපා ඇති අතර ඔහු ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය කලාකරුවෙකි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!