BREAKING NEWS
Search

වැඩිහිටි නිවාස, අනාථ නිවාස විශාල ප්‍රමාණයක් සිය පෞද්ගලික ධනයෙන් නඩත්තු කරන ඉන්දියාවේ ධනවත්ම තරුවට සුවිශේෂී දිනයක්..!

1279

සමහර මත්ද්‍රව්‍ය තියෙනවා මිනිස්සු ඇබ්බැහි කරවන.
විරාට් කෝලි කියන්නෙත් ඒ වගේ..
මිනිස්සු ඇබ්බැහි කරවපු බ්‍රෑන්ඩ් එකක් !
ඉතිං ඒ බ්‍රෑන්ඩ් එකේ රස,
කවදාවත්ම මිනිස්සුන්ට අමතක වෙන එකක් නම් නැ…

මොකද කෝලි කියන්නේ ක්‍රිකට් පිටියේ කෙරුම්කාරයෙක් විතරක් නෙමෙයි. මහත්තුරුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න හිතුවක්කාර මහත්තයෙක් !

එහෙම කියන්නේ එයාගේ තියෙන මේ Attitude එක නිසා. ග්‍රවුන්ඩ් එකට බැස්සට පස්සේ වෙන මොකුත් නැ…
තනිකරම ඉන්නේ ගේම් එකේ…
පිතිකරුවෙක් විදිහට වුනත් පන්දු රකින්නෙක් විදිහට වුනත් ඒකේ කිසි වෙනසක් නැ… එයාට ඕනි දිනන්න !
ප්‍රතිවාදියාව ම|රා ගෙන මැ | රිලා හරි දිනන්න ඇම්මක් තියෙන එකෙක්…

එහෙමයි කියලා පොරත්වය ඔලුවේ දාගෙන හිටපු එකෙක් නෙමෙයි. මනුස්සයෙක් විදිහට ඒ උතුම් මනුෂ්‍යත්වයට උපරිම විදිහට ගෞරව කරන රියල් මහත්මයෙක් !!!

අවශ්‍ය සහිත දරුවන් සහ මව්පිය සෙනෙහස අහිමි දරුවන් දස දහසකට අධික ප්‍රමාණයක් විරාට් කෝලිගේ ” විරාට් කෝලි පදනම ” මගින් දැන් ඔහු බලා ගන්නවා.

වැඩිහිටි නිවාස , අනාථ නිවාස විශාල ප්‍රමාණයක් සිය පෞද්ගලික ධනයෙන් නඩත්තු කරන්න තරම් උතුම් හදවතක් කෝලිට තියෙනවා.

කෝලි කියන්නේ දැනටමත් ලෝකයේ බොහෝ දෙනෙකුගේ වීරයෙක්… කෝලි වගේ වෙන්න උත්සහ කරන බොහෝ අය ඉන්නවා. අනිත් ක්‍රීඩකයොත් විරාට් කෝලි කියන උතුම් මනුස්සයා වෙන්න ඇත්තටම උත්සහ කරනවා නම් ඒක හොඳ දෙයක්..

දක්ෂ ක්‍රීඩකයෙක් වුනාම තමන්ගේ ක්‍රීඩාවට දක්වන උනන්දුව , උත්සහයට, කැපවීමට කෝලි තරම් තවත් උදාහරණ අවශ්‍ය නැ…

කාලයක් පුරුද්දක් වෙලා තිබුනු සිගරැට් , මත්පැන් පානය 2012දි ක්‍රිකට් ක්‍රීඩාව නිසාම කෝලි නතර කරනවා. ක්ෂණික ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. සෙල්ලක්කාර කොලු ගති ටික අයින් කරලා රජෙක්ට ඕනි Qualities හදා ගන්නවා.

තමන් ලෝකේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වෙද්දි වැඩිපුර යහමින් මුදල් අතට එද්දී ඉන්දියාවේ වගේ සුරූපි කාන්තාවෝ , නිළියෝ ඉන්න රටක කාන්තා ආකර්ෂණය වැඩිපුරම ලැබෙන ක්‍රීඩකයා වෙද්දි මෙයා ඒවයින් නාස්ති වුනේ නැ…

කඩුල්ලක් ගත්තහම කෑ මොර දීලා කෝලි වගේ ඒ සතුට ආවේගශීලිව සමරනවට අමතරව කෝලිගෙන් ක්‍රීඩකයෙක්ගේ ජීවිතේට ඉගෙන ගන්න ඕනි බොහෝ දේවල් තියෙනවා.

කෝලිට වඩා විශිෂ්ඨයින් මේ ක්‍රිකට් ලෝකයේ ඉදිරියට පහල වේවී… ඒත් මේ ලෙවල් එක කාටවත්ම සම කරන්න බැරි වෙයි.

මොකද කෝලි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මං දැකපු සුන්දරම සහ අසමසම රජ කෙනෙක් !!!

සුභ උපන් දිනක් වේවා ‘ රජ කෝලි ‘ !!! ♥️🎂

 

 

 

 

 

 

 

✍️ සටහන: Rishie Bro
🏏 ක්‍රීඩා මාධ්‍යවේදී
🌐 www.ApeRata.net




Leave a Reply

Your email address will not be published. Required fields are marked *