BREAKING NEWS
Search

අපරාද මැඩලන්න මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක්..!

1890

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක් හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් හා ගංජා මිලිග්‍රෑම් 3,738,356ක ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම් මගින් 21,132 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 7,922 ක් හා යතුරුපැදි 6,545ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී ගිනි අවි 05ක ප්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර විදේශ රටක නිශ්පාදිත ගිනි අවියක්ද ඒ අතර වේ.

එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 321ක් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනය පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා දිවයින පුරා පොලිස් නිළධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලුව පුද්ගලයන් 5300කට අධික පිරිසක් සහභාගී වී ඇත.

2025 අප්‍රේල් මස 13 වන දින සිට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් සිදු කිරීමට ආරම්භ කළේය.

ඒ සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා අපරාධවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හා නීතිවිරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වශයෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!